කාගේ සිත නොකෙරෙද ලොල?

කිනිර | Jan. 19, 2021

Handahaamee Cassette Cover

1986 ජූනි මාසයේ සින්ග්ලංකා ලේබලය යටතේ නිකුත් වූ හඳහාමී ළමා ගීත එකතුව තුලින් නන්දා මාලිනිය නැවත ගීත නිර්මාණකරණයට පිවිසෙනවා. මේ ගීත එකතුවේ ගීත සියල්ලම ආනන්ද රාජකරුණා, කුමාරතුංග මුනිදාස, සහ එස් මහින්ද හිමි විසින් රචිත ළමා කවි ගීත. මේ ගී සියල්ලෙහිම ගී තනු ඉතාම මිහිරියි. සංගීත සංයෝජනයත් ඉතාම සරලයි.

"ගී තනු නිර්මාණයේ දී තනුවේ මිහිර මෙන්ම ළදරු මනසට, ළදරු මුවට උචිත සරල බව හා සැහැල්ලු බව ගැනද සැලකිලිමත් වී තිබෙනවා. මෙහි එන ගීත දාහතරේ තනු නිර්මාණයෙහි දී උත්තර භාරතීය සංගීතයේ විකෘති ස්වර කිසිවක් ඇසුරු නොකිරීම එම සරල බව සොයා යෑමේ ඵලයක්."

Read More →

සකිසඳ සැළ මා හදට වඩීයා

කිනිර | Jan. 17, 2021

වික්ටර් රත්නායක ගායනා කරන ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනි ගීතය සැළලිහිණී සන්දේශයේ කවි කිහිපයක් ඇසුරෙන් ඩබ්ලිව්. ඒ. අබේසිංහ රචනා කළ ගීතයක්. එතුමන් සැළලිහිණී සන්දේශය ඇසුරෙන් තවත් ගීතයක් නන්දා මාලිනී වෙනුවන් රචනා කර තිබෙනවා.

රස බස් මියුරූ - තෙපලන අයුරූ
තෙපලින සොඳුරූ - ඉටු මිතුරූ
රූ සිරි ගිහිණී - මල් …

Read More →

මල් රූ වරුණී

කිනිර | Jan. 15, 2021

වික්ටර් රත්නායකයන් ගායනා කළ සැළලිහිණී සන්දේශයට සෘජුවම සම්බන්ධ ගීත දෙකෙක් ගැන මා පහුගිය දවසක සඳහන් කළා. ඉන් එකක් වන පුලා සුවඳ මලවුල් කර ගීතය සැළලිහිණී සන්දේශයේ කවි තුනක් එහෙම පිටින්ම ගායනා කිරීමක්. නමුත් අනෙක් ගීතය වන ලප නොමවන් සඳ සේ ගීතය නම් සැළලිහිණී සන්දේශයේ කවි කිහිපයක් ඇසුරෙන් ඩබ්ලිව්. ඒ. අබේසිංහ …

Read More →

ලප සඳ, ළය සඳ, වික්ටර් සහ සැළලිහිණිය

කිනිර | Jan. 11, 2021

වික්ටර් රත්නායක සා නන්දා මාලිනී ගායනා කළ මී මැස්සෝ චිත්‍රපටයේ අඩංගු ගීතයක් වන දිවි මැදුරේ සඳළූතලේ ගීතය පහුගිය දිනක අපි කතා කළා. මේ ගීතයේ ඇති එක පදයක් වන "ලප සඳ වන් හද ආලෙන් බැඳුනේ" යන්නෙහි තේරුම ගැටළු සහගතයි.

මා ගීතය ඉදිරිපත් කළාට පසුව ධර්මසිරි ගමගේ ගේ කලක් ඇවෑමෙන් පෙරුම් පුරා …

Read More →

ත්‍රී සිස්ටර්ස් සහ ටූ මල්ලිකාස්

කිනිර | Jan. 6, 2021

මල්ලිකා පෙරේරා සාමා චිත්‍රපටයේ වනන්තරේ ගල් අරණේ විමානෙට ගීතය ගායනා කළේ ත්‍රී සිස්ටර්ස් සංගීත කණ්ඩායම බිහිවන්නට කලිනි. ඇය තවත් චීත්‍රපට කිහිපයක ගීත ගායනා කර තිබුණත් ඒවා එතරම් ජනප්‍රිය ගී නොවිනි. ත්‍රී සිස්ටර්ස් කණ්ඩායම ජනප්‍රියත්වයේ ඉහළම තැනක සිටි නිසා තනිවම ගී ගායනා කිරීමේ අවශ්‍යතාවයක්ද නැති වූවා වෙන්නට පුළුවන.

එහෙත් 1973දී තිරගත …

Read More →