දිවැස් උතුම් කිරි අම්මා
කිනිර | Sept. 10, 2023
කිරි අම්මා ඇදහිල්ල ලංකාවේ පවතින ජන ඇදහිලි අතර ප්‍රධාන තැනක් ගන්නවා. කිරි අම්මා ඇදහිල්ලේ මූලාශ්‍ර පවතින්නේ ලංකාවේ වැදි ජනයා අතර යි. කාලයත් සමග එය නොයෙක් ස්වරූපවලින් සිංහල ජනතාව අතරට පැමිණ ඇති බව පෙනෙනවා.
සිංහල ජන සමාජය තුළ පවතින විශ්වාසය අනුව කිරි අම්මා සහ පත්තිනි දේවිය අතර සම්බන්ධතාවයක් ඇති නමුත් වැදි ජනයාගේ කිරි අම්මා ඇදහිල්ල තුළ එවැනි සම්බන්ධතාවයක් පෙනෙන්නට නැත. කිරි අම්මා කෙනෙක් යනු දරු ප්‍රසූතියේදී හෝ දරුවන් කුඩා කාලයේදී මිය ගිය කාන්තාවකගේ ආත්මය (spirit) බවටයි වැදි ජනතාව තුළ පවතින ඇදහිලි වල සැලකෙන්නේ. වැදි ජනයා මෙම ආත්මය යක්ෂණියක නොහොත් යක්ෂ දේවතාවක් (demon goddess) ලෙස සළකා පුද පූජා පවත්වනවා. එසේ පුද පූජා පවත්වන්නට හේතුව නම්, දරුවන්ගෙන් වෙන්වූ තමාගේ දුක නිවාගැනීමට හෝ දරුවන් ඇති අම්මාවරුන් කෙරෙහි ඇති ඊර්ශ්‍යාව නිසා, මෙම කිරි අම්මා ආත්ම විසින් දරුවන් සොරකම් කරගන්නා බවට සහ දරුවන්ට ලෙඩ රෝග ඇති කරන බවට වැදි ජනතාව තුළ පවතින විශ්වාසය යි. කුකුලාපොල කිරි අම්මා, ඉඳිගස්වල කිරි අම්මා, පොල්ගහගම කිරි අම්මා ආදී නම් වලින් හැඳින්වෙන, එක් එක් ප්‍රදේශවලට ආවේණික වූ කිරි අම්මා දේවතාවන් ගණනාවක් දකින්නට පුළුවන්. විජය රජු විසින් පන්නා දැමූ පසු, තම දරුවන් දෙදෙනා ද සමග තම නෑයින් අතරට නැවත පැමිණ, එම නෑයින් අතින්ම ඝාතනයට ලක් වූ කුවේණිය ගේ ආත්මය කුවේණි කිරිඅම්මලැත්තෝ හෙවත් කුකුලාපොල කිරි අම්මා නමින් පුද පූජා ලබනවා.
සී ද ඇස් කුලතිලක ප්‍රධාන ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සංගීත පර්යේෂණ අංශය විසින් මොණරාගල ප්‍රදේශයේදී පටිගත කළ ජන ගායනා අතුරෙන් ඉතාම මියුරු තනුවක් සහිත ගායනයක් ගැන කුලතිලකයන් 1984දී සංස්කෘති නම් සඟරාවට ලියූ Kiri Amma Worship and its Ritual Songs නම් ලිපියේ සඳහන් කර තිබෙන්නේ මෙහෙමයි.
One striking melodic figure associated with the singing of Kiri-amma songs has been recorded from Moneragala. The song is a quatrain metre of 24 syllabic instants. It s sung in 6/8 rhythm. The melodic figure accommodates two lines of the verse and is repeated in the next two lines and so on.
vatta vatata pipuna vani sal uyane sal kenda
pettaka andi ruvak sema kiri ammage guna kanda -
ane me-pana goda dunnot dan pin ativana sanda
divas utum kiri amma namaskara dee vandasomikkarta urulavek atikalata balal veda
manik gale paya hapunat kanek ahindala ganeeda -
manel mal pipuna lesata'mee-massek ronata eida
divas utum kiri amma ekiren vadiya daneedapattare saduva vani budunta puja karanta
sastare vunat ayata rata'rataval vala kiyanta
suttaren ........ loven panduru aya karanta
naccire dunna mata bilindek suratal karanta
වත්ත වටට පිපුනා වැනි සල් උයනේ සල් කෙන්දා
පෙත්තක ඇඳි රුවක් සේම කිරි අම්මගෙ ගුණ කන්දා
අනේ මෙ පණ ගොඩ දුන්නොත් දන් පින් ඇතිවන සන්දා
දිවැස් උතුම් කිරි අම්මා නමස්කාර දී වැන්දා
සොමික්කර්ත උරුලෑවෙකු ඇති කළාට බළල් වේද
මැණික් ගලේ පය හැපුණත් කණෙක් ඇහිඳලා ගනීද
මානෙල් මල් පිපුණ ලෙසට මී මැස්සෙක් රොණට එයිද
දිවැස් උතුම් කිරි අම්මා එකිරෙන් වැඩියා දනීද
පාත්තරේ සැදුවා වැනි බුදුන්ට පූජා කරන්ට
සෑස්තරේ උගත් අයට රට රටවල් වල කියන්ට
සූත්තරෙන් දහ දම්මා ලොවෙන් පඬුරු අය කරන්ට
නාච්චිරේ දුන්නා මට බිළිඳෙකු සුරතල් බලන්ට
මේ ජන ගායනය සංගීතයද සමග ගුවන් විදුලියේදී ගායනා කරවා පටිගත කරන්නට කුලතිලකයන් කටයුතු කළා. ගීතය ගායනා කළේ පාලතී බෞද්ධානන්ද විසින්. කුලතිලකයන්ගේ ලිපියේ දක්වා ඇති පළමුවන සිව්පදය මේ ගායනයේ නැති නමුත්, ලිපියේ සඳහන් නොවන වෙනත් පද කිහිපයක් ගායනයේ අඩංගු වෙනවා.
තෙයත් තානෙ තානෙන තම් තෙයත් තානෙ තානේ
තඳෙන තානෙ තානෙන තම් තෙයත් තානෙ තානේ
පෙන්ද සුදුයි සුදු පාටයි කොණ්ඩ කුරුල්ලෙක් දුටු විට
තොංගු වෙමින් අතු පතු පිට අල්ලා දෙමි කී හනිකට
මෙම ගීතයේ එන සොමික්කර්ත සහ තොංගු යන වචන දමිළ භාෂාවෙන් වැදි වහරට එන්නට ඇතැයි අනුමාන කරන්නට පුළුවන්.
ඇසුර: Kiri Amma Worship and its Ritual Songs, C de S Kulatillake, සංස්කෘති, 18 කලාපය, 1 සඟරාව, ජනවාරි-මාර්තු 1984.
සටහන්:
- නාව්චිරේ: උඩරට වැඩවසම් කුල බෙදීම් අනුව, යකඩ සහ රන් රිදී වැඩ කරන කුලයක ගැහැණු පුද්ගලයෙක්. ඇතැම් තැනක රෙදි නැන්දා, වින්නඹු අම්මා ආදී කාන්තාවන් හැඳින්වීමටද මේ නම භාවිතා කර තියෙනවා.
- තොංගු: දෙමළ වහරට අනුව එල්ලීම (hang), පැනීම (leap) වැනි ක්‍රියාවක්
- සූත්තරෙන් දහ දම්මා ලොවෙන් පඬුරු අය කරන්ට: පුරාතන ලංකාවේ, දරුවකු ලැබුණ පසු එම දරුවා රැගෙන යමින් පඬුරු එකතු කිරීමේ පුරුද්දක් තිබුණු බවට සාධක ඇත. උඩරට ප්‍රදේශවල රඟ දැක්වුණ ගැමි නාටකයක් වූ සොකරි නාඩගමේ ප්‍රධාන චරිතයක් වන සොකරියට දරුවකු ලැබුණ පසු, ඇය තම දරුවා ලෙස රෙදි කඩකින් ඔතන ලද දඬු රුවක් හෝ බෝනික්කෙක් නරඹන්නන් වෙත පෙන්වමින් තෑගි බෝග ලබා ගත් බව සඳහන් වේ.