මනමේ සහ රෂොමොන්

කිනිර | June 26, 2021

Maname

මනමේ කතාව සින්දු නාඩගමකට ආශ්‍රය කොට ගත හැකි ය යන අදහස මගේ සිතෙහි පිළිසිඳ ගත්තේ ජපානයෙහි දී හෝ ඇමෙරිකාවෙහි දී අකිරා කුරොසව විසින්‌ අධ්‍යක්‍ෂණය කරන ලද 'රෂොමොන්‌' නම්‌ චිත්‍රපටිය බැලීමෙන්‌ පසු ය. 'රෂොමොන්‌' චිත්‍රපටියට ආශ්‍රය කරන ලද්දේ, අකුතගව නම්‌ කතුවරයාගේ කථාවකි. මේ කථාව සාරාංශයෙන්‌ ගත්‌ විට අපේ චුල්ලධනුග්ගහ ජාතකයටත්‌, මනමේ ගැමි කතාවටත්‌ සමාන ය.

'රෂොමොන්‌' කථාව මනමේ කතාවට වඩා බෙහෙවින්‌ සංකීර්ණ බව කාට වුව ද පෙනෙනු ඇත. එහෙත්‌ එයින්‌ මට, මනමේ කතාවෙහි නොකියවුණු බොහෝ දේ අවබෝධ විය. වැදිරජුගේ චරිතය මැවීමට මට ලැබුණු ඉඟිය වැදගත් යයි කිව යුතූ ය.

තවත්‌ අතකින්‌ මට 'රෂොමොන්‌' කථාවෙන්‌ ආදර්ශයක්‌ ගත හැකි විය. මුල්‌ ජාතකයෙහි හා ගැමි නාටකයෙහි නම්‌ බිසවගේ චරිතය දක්වා ඇත්තේ පති ද්‍රෝහි වූ ගැහැනියකගේ මෙන්‌ ය. මට උවමනා කෙළේ එහි නිරූපිත සිද්ධිය වෙනස්‌ අයුරකින්‌ විවරණය කිරීමට ය.

(පිං ඇති සරසවි වරමක් දෙන්නේ - එදිරිවීර සරච්චන්ද්‍ර)

Read More →

පුතු සෙනේ පිතු හද තුළම මිස නැත පුතුන් හද තුළ රඳන්නේ

කිනිර | June 20, 2021

Sinhabahu

සිංහබාහු කතා පුවත ප්‍රබන්ධයක් වුවද, බොහෝ දෙනා එයට මහත් ලෙස ඇලුම් කරන්නේ, සැබෑ කථා පුවතක් තරමටම, සනාතන ලෝක ධර්මතා මනා ලෙස පිළිබිඹු වන අයුරින් සරච්චන්ද්‍රයන් විසින් එය ප්‍රබන්ධ කර ඇති නිසා විය යුතුය.

පුතු සෙනේ පිතු හද තුළම මිස
නැත පුතුන් හද තුළ රඳන්නේ
ඇට තුළට වැද ඇට මිදුළු මත
සදා කල් නැත දුක් දෙවන්නේ

Read More →

විමලා අමරදේව

කිනිර | March 11, 2021

Sasara Wasana Thuru

බෝලන්දගේ විමලා ගුණරත්න උපත ලද්දේ 1934 දෙසැම්බර් 5 වෙනිදා, එනම් අමරදේවයන් උපත ලබා හරියටම අවුරුදු 7 කට පසුවය. කොළඹ මියුසියස් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ විමලා, නර්තනය හැදෑරීම සඳහා රජයේ ලලිත කලායතනයට ඇතුලත් වූවා ය. 1952 දී ඇරඹුණු නර්තන විද්‍යාලයේ ඇස් පණීභාරතයන්ගේ පළමු සිසු කණ්ඩායමට ඇයද එක් විය. 1953 වසරේදී අමරදේව ශිෂ්‍යත්ව අරමුදලට ආධාර ලබාගැනීම සඳහා පැවැත්වුණු කලා උළෙලකදී පණීභාරතයන්ගේ නර්තන කණ්ඩායමේ සිසුවියක ලෙස එක්ව සිටි විමලාට අමරදේවයන්ගේ ගෙලට මල් මාලයක් පළඳන්නටද අවස්ථාව ලැබිණ.

Read More →

සීතල කවි

කිනිර | Feb. 21, 2021

Sasara Wasana Thuru

ගීත රචකයින්ගේ ගී පද රචනා පොතක් ලෙස එළි දැක්වීමේ දී බොහෝ විට සිදු වන්නේ රචකයා ලඟ තිබෙන පිටපත් පොතට අඩංගු වීම යි. එම පිටපත් වල ඇත්තේ රචකයා මුලින් රචනා කළ පද වැල යි. නමුත් ගායනයේදී එම පද වැල් නොයෙක් ආකාරයේ වෙනස් කිරීම් වලට භාජනය වන බව අප කවුරුත් දන්නා කාරණයක්. සීතල කවි කවි පංතිය වතුර කළේ ඇයි උකුල තෙමන්නේ ගීතය ලෙස වෙනස් වූ ආකාරය මෙයට කදිම නිදසුනක්.

Read More →

සුමනසිරි

කිනිර | Feb. 11, 2021

කරන කලට පව්‌ මිහිරි වෙලා
විඳින කලට ගිනි මෙන් දැවිලා
කරුමෙ ගෙවමි මහ මග බැසලා
පෙර කරුමය අද උරුම වෙලා

වියපත්‌ දිළිඳු යාචකයෙක්‌ කවි ගායනයේ යෙදෙමින්‌ හිඟමන්‌ යදින සැටියක්‌ මේ ගීතය මඟින්‌ නිරූපනය කෙරේ. කවි පද පෙළ ගායනා කිරීම පැවැරී තිබුණේ කණ්ඩායමේ සාමාජිකයන්ට පරිබාහිරව කැඳවාගෙන ගිය සුමනසිරි නමැති තරුණයාටය. ඔහුගේ ගායන විලාසයේ රැඳි ලයාන්විත, මධුර රිද්මයත්‌, පැහැදිලි, නිරවුල්‌, සංවේදී හඬත්‌, සියල්ලන්ගේම දැඩි අවධානය දිනා ගැනීමෙහිලා සමත්‌ වී තිබිණි. ඔහුගේ අත්‍යාලංකාරවත්‌ ගැයුමේ විශිෂ්ටත්වයෙන්‌, පැට්‍රික්‌ කොරේරා ප්‍රමුඛ ඔහුගේ හිතෛශීහු පිරිස ආස්වාදයෙන්‌ ඇළලී ගියහ.

Read More →