වැලපුම් කවි සහ ගී

කිනිර | Feb. 7, 2021

මොහු හැර වෙන දන් ගන්නෝ නැද්දෝ
වෙන දන් දුන් කල බුදු බව නැද්දෝ
පින් ගන්නෙක් ඔබ මිස වෙන නැද්දෝ
අම්මා නැති තැන අප දන් දෙද්දෝ (554)

වෙස්සන්තර ජාතක කාව්‍යය, ඉතාම අනුවේදනීය වූ කවි විශාල සංඛ්‍යාවකින් සමන්විතය. මේ කවි අතර ජාලිය සහ ක්‍රිෂ්ණජිනා දරුවන් දෙදෙනා බමුණාට දන් දුන් පසු දරුවන් විලාප දුන් ආකාරය දක්වන කවි සහ, වනයේ සිට ආපසු පැමිණි මන්ද්‍රි දේවිය දරුවන්ට කුමක් විණි දැයි අසමින් විලාප දුන් ආකාරය දක්වන කවි ප්‍රධාන තැනක් ගනී. ඉහත කවිය ද එයින් මුල් කාණ්ඩයේ කවියකි. සමූහයක් ලෙස මේ කවි සැලකෙන්නේ වැලපුම් කවි ලෙසට යි. වෙස්සන්තර ජාතක කාව්‍යයට අමතරව, සඳ කිඳුරු වැලපිල්ල සහ කුවේණි වැලපිල්ලද වැලපුම් කවි වලින් සමන්විතය.

Read More →

ජාතික ගීයේ දේශපාලනීකරණය

කිනිර | Feb. 4, 2021

ශ්‍රී ලංකාවේ 73 වන ජාතික නිදහස් දින සැමරුම අදට යෙදී ඇත. පසුගිය අවුරුදු කිහිපයක සිට මහත් ආන්දෝලනයකට තුඩු දෙන මාතෘකාවක් වී ඇත්තේ ජාතික ගීය ගායනා කළ යුත්තේ සිංහලෙන් පමණක්ද එසේ නැතහොත් වෙනත් භාෂා වලිනුත් එය ගායනා කිරීමට ඉඩ දිය යුතුද යන්නයි.

ජාතික ගීයේ ආරම්භයේ සිටම එය ගැන නොයෙකුත් වාද විවාද …

Read More →

කෙලෙසක වෑවෙම්මා

කිනිර | Jan. 31, 2021

පෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා
වම්මා කඳුළැලි ඉස ඉස ඇවිදින් දැයි අම්මා
අම්මා අප නොදැක ඉතින් කෙලෙසක වෑවෙම්මා
සම්මා සම්බුදු වෙන දා නිවන් දකින් අම්මා

දුක්විඳ දසමස උසුලා වැදුදැයි අපෙ අම්මා
අඳුන් තෙලින් නිති සරසා ඇති කළදැයි අම්මා
රස පල වැල නෙලා දිදී රක්ෂා කළ අම්මා
සතර අපාවල නොඉපිද …

Read More →

ආචාර්ය නන්දා මාලිනී - ජන සංගීතය ආශ්‍රිත පර්යේෂණ ගී

Buddhi Jayasekara | Jan. 23, 2021

නාඬන් උඳුන...
ගායනය - ආචාර්ය නන්දා මාලිනී
රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න ??
සංගීතය - ආචාර්ය නන්දා මාලිනී

ජන සංගීතය ආශ්‍රිත ව ගීත නිර්මාණය කිරීම පිළිබඳ නොයෙක් විද්වතුන් නොයෙක් ආකාරයේ පර්යේෂණ සිදු කර ඇත. විශේෂයෙන් ග්‍රැමෆෝන් යුගයේ සිට ජන සංගීතය භාවිතා කරමින් නොයෙක් නිර්මාණකරුවන් නොයෙක් ආකාරයේ නිර්මාණ ද ඉදිරිපත් කොට …

Read More →

නෝක්කාඩුව

කිනිර | Jan. 23, 2021

Gaman Magak Cover

ගමන් මඟක් - රෝහණ වීරසිංහ 27 පරිච්ඡේදය - නෝක්කාඩුව පිටු 146-152

නන්දා මාලනියගේ “සත්‍යයේ ගීතය" නවතම ඒක පුද්ගල ප්‍රසංගය එළිදැක්වූයේ 1982 දීය. ඒ වන විට නන්දා අක්කා පදිංචිව සිටියේ මහරගම දහම්‌ මාවතේ නිවසකය. දිනක්‌ මහාචාර්‌ය සුනිල්‌ ආරියරත්නයන්‌ විසින්‌ මා එහි කැඳවනු ලැබූයේ එම ප්‍රසංගය සඳහා ගීත කීපයක්‌ නිර්‌මාණය කරවා ගැනීමටය. එම ප්‍රසංගයේ බොහොමයක්‌ තනු නිර්‌මාණය කරනු ලැබුවේ එච්‌.එම්‌. ජයවර්‌ධන සංගීතවේදියා විසිනි. මගේ ද ගීත හතක්‌ අටක්‌ ඇතුළත්‌ වූ අතර, මර්‌වින්‌ පෙරේරා, ඔස්ටින්‌ මුණසිංහ, සරත්‌ දසනායක ආදී සංගීතවේදීන්ගේ නිර්‌මාණ කීපයක්‌ ද තිබිණ.

Read More →