හිරු සඳු දහසක්

කිනිර | Dec. 17, 2020

ගුවන් විදුලියේ 95වන සංවත්සරය නිසා අපි කතා කරගෙන ආ මාතෘකාව වෙනස් වුනා. සිංහල ගීත වල සඳට පවරා ඇති කාර්යයන් පිලිබඳව කතා කරමින් හිටි අපි, අජන්තා රණසිංහ ලියූ "සඳ මම නම්" ගීතය ගැන තමයි පෙරේදා කතා කළේ.

මේ ගීතයේ සඳ විසින් හිරු වර්ණනා කරන ගමන්ම තද විවේචනයකුත් එල්ල කරනවා:
ඔය දැඩි …

Read More →

ගුවන් විදුලි ලලනා වැජැඹේ

කිනිර | Dec. 16, 2020

ගුවන් විදුලියට අදට වසර 95ක් සපිරේ.

ගුවන් විදුලියට වසර 25ක් පිරීම නිමිත්තෙන් සුනිල් සාන්තයන් ලෝ පුරා රැව් නගා ගීතය නිර්මාණය කළා. ඒ ගීතය ගැන සටහනක් මා 2019දී පළ කළා.

සුනිල් සාන්තයන් පසු කාලයක ගුවන් විදුලිය ගැන තවත් ගීතයක් නිර්මාණය කළා. ඒ "රිදී සීනු හඬවා" ගීතයයි.

ගුවන් විදුලිය ගැන නිර්මාණය වූ …

Read More →

ආලිංගනයෙන් මත් වූවන් සනහන්

කිනිර | Dec. 15, 2020

සඳ ගැන ලියවුණු ගීත අනන්ත ඇති. සැමියා ගෙදර නැති බිරින්දෑවරුන්ට තනිරැකීමේ වගකීම මඩවල එස් රත්නායක සහ ඩෝල්ටන් අල්විස් ගීත රචකයින් සඳට පවරා තිබුණා. අජන්තා රණසිංහ සඳට පවරන වගකීම නම් ඊට තරමක් වෙනස්.
පෙම් රජ දහනට ඔබ පායන් - සිප බඳ කොමලතිනේ
මුව මී පොවා පියා - ආලිංගනයෙන් මත් වූවන් සනහන් …

Read More →

සඳ තනියට

කිනිර | Dec. 14, 2020

මඩවල එස් රත්නායක:
ගෙපැලට හිමි හිනැහී ගොඩ වන්නේ
මට තනි නෑ සඳ නුඹ පලයන්නේ

ඩෝල්ටන් අල්විස්:
සඳ ගෙට පායන්නේ ඇයි
මා නැති වේලේ
ඔබ නැති වේලේ මා සඳ
කුමරිට බාරයි

===============

සඳ ගෙට පායන්නේ ඇයි
මා නැති වේලේ
ඔබ නැති වේලේ මා සඳ
කුමරිට බාරයි

සඳට මුවාවී ඔබ ගැන
කඳුළු …

Read More →

විලි ගත් හිරු

කිනිර | Dec. 13, 2020

ගුවන් විදුලි සංස්ථාවෙන් නිකුත් කළ මඩවල එස්. රත්නායකයන්ගේ නීල නුවන් සී.ඩී. තැටියේ නීලා වික්‍රමසිංහ ගායනා කරන එක් ගීතයක් තියෙනවා. සී.ඩී. තැටියේ නම් ගීතයේ නම හැටියට සඳහන් කර ඇත්තේ තඹපත් ඇල්ලේ කියලයි. තඹපත් ඇල්ලේ කියන එක වැරදියි වගේම එහි කිසිම තේරුමක් හිතා ගන්නටත් අපහසුයි. නීලා වික්‍රමසිංහගේ ගී මිණි සරණිය පොතේ ගීත …

Read More →