දෙවිඳු උපන්නේය සතුනි
කිනිර | Dec. 25, 2023
ලාංකීය කිතුනු සාහිත්‍ය වංශයේ පුරෝගාමියා ලෙස සැලකෙන ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා විසින් 1730 දී පමණ රචනා කර තනුවක් ද යෙදූ දෙවිඳු උපන්නේය සතුනි නම් කැරොල් ගීතිකාව, දැනට භාවිතයේ පවතින කැරොල් ගීතිකා අතරින් පැරණිම ගීතිකාව බව පැවසේ. එතුමා 1676 දී ඉන්දියාවේ කොන්කානි බ්‍රාහ්මණ වංශිකයෙකු ව ඉපිද, 1700 දී ඔරතෝරියානු පැවිදි නිකායේ පූජක වරයෙකු බවට පත් ව සිට, එවකට ලංකාවේ කතෝලිකයනට මහත් සේවයක් කරමින් සිටි ජුසේ වාස් පියතුමාට උදවු කිරීම සඳහා 1705දී සිය කැමැත්තෙන් ම ලංකාවට පැමිණිය හ.
ජුසේ වාස් පියතුමාගේ උපදෙස් හා අනුදැනුම මත, මහනුවර සමයේ මල්වතු විහාරයේ බෞද්ධ භික්ෂුන් සහ දස්කොන් මහ අදිකාරම යනාදීන්ගේ උපකාරයෙන් ඉතා කෙටි කාලයකින් සිංහල භාෂාව ඉගෙන ගෙන, ව්‍යක්ත ලෙස සිංහල භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ගොන්සාල්වේස් පියතුමා ලබා ගත් හ. ඉන් පසුව එතුමා සිංහලෙන් ගද්‍ය කෘති 15ක් ද, පද්‍ය සහ ගීත කෘති 5 ක් ද රචනා කර ඇත. ගොන්සාල්වෙස් පියතුමා විසින් කර ඇති මේ රචනා, විදේශිකයෙකු විසින් සිංහල බසින් කර ඇති විශිෂ්ඨතම රචනා ලෙස සැළකේ.
දවා හළු කළ නොහැක
කිනිර | Oct. 1, 2023
ප්‍රවීණ ගීත රචක ලූෂන් බුලත්සිංහල මහතා තම ජීවිත මතක කැටි කොට ලියූ දවා හළු කළ නොහැක - ලූෂන් බුලත්සිංහල ගේ මතක කෘතිය මට දකින්නට ලැබුණේ බණ්ඩාරනායක ජ්‍යාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන වාර්ෂික පොත් ප්‍රදර්ශණය තුළදී අහම්බෙන්. ලූෂන් බුලත්සිංහල ලියූ ගීත පිළිබඳ තොරතුරු සහ ගීත වලට පාදක වූ අනුභූතීන් ගැන පොතේ බහුල ලෙස සඳහන් වී ඇතැයි මා බලාපොරොත්තු වූ නමුත් එය එසේ නොවන බව පොත කියවන විට පැහැදිලි විය. කෙසේ වෙතත් එතුමා ලියූ ගීත සමහරකට සම්බන්ධ යැයි සිතිය හැකි සිදුවීම් කිහිපයක් ගැන පොතේ සඳහන් ව ඇත. එලෙස සඳහන් කර තිබෙන සිදුවීම් දෙකක්, එතුමා ලියූ, රෝහණ වීරසිංහ සංගීතවත් කොට ගායනා කළ, මුතුකුඩ ඉහලන මල් වරුසාවේ ගීතයට පාදක වී ඇති බවට අනුමාන කළ හැකි ය.
දිවැස් උතුම් කිරි අම්මා
කිනිර | Sept. 10, 2023
ලංකාවේ පවතින ඇදහිලි අතර ප්‍රධාන තැනක් ගන්නා කිරි අම්මා ඇදහිල්ලේ මූලාශ්‍ර පවතින්නේ ලංකාවේ වැදි ජනයා අතර යි. කිරි අම්මා යනු දරු ප්‍රසූතියේදී හෝ දරුවන් කුඩා කාලයේදී මිය ගිය කාන්තාවකගේ ආත්මය (spirit) බවටයි මෙම ඇදහිලි වල සැලකෙන්නේ. වැදි ජනයා මෙම ආත්මය යක්ෂණියක ලෙස මෙන්ම යක් දේවතාවක් ලෙසද සළකා පුද පූජා පවත්වනවා. විජය රජු විසින් පන්නා දැමූ පසු තම නෑයින් අතරට නැවත පැමිණ, එම නෑයින් අතින්ම ඝාතනයට ලක් වූ කුවේණිය ගේ ආත්මය කුවේණි කිරිඅම්මලැත්තෝ හෙවත් කුකුලාපොල කිරි අම්මා ලෙසට පුද පූජාවට ලක් වෙනවා.
කිරි අම්මා ඇදහිල්ල සම්බන්ධ ජන ගායනා අතර ඉතාම මියුරු තනුවක් සහිත ගායනයක්, ලංකාවේ ජන සංගීතය පිළිබඳ විශාල ලෙස පර්යේෂණ කළ සී ද ඇස් කුලතිලකයන් විසින් ගුවන් විදුලියේදී සංගීතයද සමග පටිගත කරන්නට යෙදුණා.
Read More →හුණුවටයේ කතාව සහ ගෲෂා
කිනිර | May 17, 2022
ජර්මානු ජාතික බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් (Bertolt Brecht) විසින් 1940 දශකයේ දී රචිත Der Kaukasische Kreidekreis (The Caucasian Chalk Circle) නාට්‍යය, 1960 දශකයේ අග භාගයේදී හෙන්රි ජයසේනයන් විසින් හුණුවටයේ කතාව නමින් සිංහලට පරිවර්තනය කර නිෂ්පාදනය කරන්නට යෙදුනා.
මේ නාට්‍යයේ, රජ මාලිගයේ මෙහෙකාරියක වන, යුද්ධයට යන සෙබලෙකුට පෙම් බඳින, ගෲෂාගේ චරිතය ගැන අපට මෑතකදී මතක් කර දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යි. හුණුවටයේ කතා පුවත සහ ගෲෂා ගායනා කරන ගීතයක් වන "ගන්නෙ නැති නිසා කවුරුත්" යන ගීතයේ පදමාලාව රටේ වරතමාන තත්වයට ගැලපෙන ආකාරය පුදුම සහගත ය. හුණුවටයේ කතා පුවතේ, පවතින රජයට විරුද්ධව නැගී ආ ජනතා කැරැල්ලක් නිසා රටම ගිනි ගත් අවස්ථාවක යුව රජ බිසවට දරුවාද අහිමිව පලා යන්නට සිදු වෙයි. එසේ මගහැරී ගිය දරුවා, රජ මාලිගයේ මෙහෙකාරියක වූ ගෲෂා බාරගන්නේ දරුවා බාර ගැනීමට වෙනත් කිසිවෙකුත් නොවූ නිසාවෙනි.
Read More →වල
කිනිර | July 4, 2021
මනමේ 'නාටකයේ 'අභිරංගයක්' ඉදිරිපත් කළ හැක්කේ තාත්වික රංගයට සුදුසු පරිදි හැඩගැසුණු ප්‍රොසීනියම් රංගභූමියක නොව, රඟ මඩලක යයි විශ්වාස කළ මම, එවැනි තැනක් පේරාදෙණියේ කඳු අතර එළිමහනේ වුව සකස් කරගත හැකි නම් මැනවයි සිතමින් හුන්නෙමි. එකල මා වාසය කෙළේ සංඝමිත්තා කන්ද උඩ තුබු ගෙවල් තුනකින් එකක ය. හැම දා ම කන්ද බැස ආට්ස් බ්ලොක් දෙසට යන මට, කඳු පල්ලේ වම් පසෙහි වළන් කැබැල්ලක ආකෘතිය දරන කඳු බෑවුමක් නිතර දකිමි. එහි කලින් තිබූ ලියදි වල් බිහි වී දැන් පඩි පෙළක් මෙන් සැදී ඇත. බෑවුමේ පතුළේ සමතලා භූමි භාගයක් තිබේ. මේ ස්ථානය මා හැමදාම පසු කර ගෙන යන නමුත් එය කෙරෙහි මගේ අවධානය යොමු වූයේ එළිමහන් රඟ මඬලක් ගැන සිතමින් හුන් දවස්චල ය. එය, ඇම්ෆිතියටර් (Amphitheatre) යන නමින් හඳුන්වන ප්රෙක්ෂාගාරයකට හා රංගභූමියකට සුදුසු ස්වාභාවික පිහිටීමකින් යුත් තැනක් නොවේ දැයි මම කල්පනා කෙළෙමි. පතුළේ සමතලා භූමිය සකස් කරගත හොත් එහි නාට්‍යයක් රහ පෑ හැකි ය. ප්‍රේක්ෂකයින්ට කඳු බෑවුමේ පඩි උඩ වාඩි වී නාට්‍යය බැලිය හැකි ය.
(පිං ඇති සරසවි වරමක් දෙන්නේ - එදිරිවීර සරච්චන්ද්‍ර)
Read More →