සකිසඳ සැළ මා හදට වඩීයා

කිනිර | Jan. 17, 2021

වික්ටර් රත්නායක ගායනා කරන ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනි ගීතය සැළලිහිණී සන්දේශයේ කවි කිහිපයක් ඇසුරෙන් ඩබ්ලිව්. ඒ. අබේසිංහ රචනා කළ ගීතයක්. එතුමන් සැළලිහිණී සන්දේශය ඇසුරෙන් තවත් ගීතයක් නන්දා මාලිනී වෙනුවන් රචනා කර තිබෙනවා.

රස බස් මියුරූ - තෙපලන අයුරූ
තෙපලින සොඳුරූ - ඉටු මිතුරූ
රූ සිරි ගිහිණී - මල් රූ ලෙසිනී
බබළන රමණී - සැළලිහිණී

සිදඟන නිල් වරලස ගවසායා
වන දෙව් ලිය සවනත බබළායා
සුලකළකුරු රස බස් තෙපලායා
සකිසඳ සැළ මා හදට වඩීයා

රස බස් මියුරූ...

සුරඟන රුසිරෙන ගත බබළායා
වරඟන රන හස තුඩු ගවසායා
සනහස වඩමින මල් රූ සේයා
සකිසඳ සැළ මා හදට වඩීයා

රස බස් මියුරූ...

සිදඟන නිල් වරලස...

රස බස් මියුරූ...

ඩබ්ලිව්. ඒ. අබේසිංහ / නන්දා මාලිනී / නන්දා මාලිනී

ලප නොමවන් සඳ සේ ගීතයේ වගේම මල් රූ උපමාව මේ ගීතයේත් තැන් දෙකකම භාවිතා කර තියෙනවා.

මේ ගීතය මට නම් තරමක් ගැටළු සහගතයි.
1. තෙපලින කියන වචනයේ තේරුම මොකක්ද?
2. ගායිකාවක් විසින්
"සුරඟන රුසිරෙන ගත බබළායා
වරඟන රන හස තුඩු ගවසායා"
ලෙස සැළලහිණී (ස්ත්‍රී) රුව වර්ණනා කරමින්
"සනහස වඩමින මල් රූ සේයා
සකිසඳ සැළ මා හදට වඩීයා"
කියන එක ගැලපෙනවාද?