ප්‍රබුද්ධ ගී

කිනිර | Dec. 29, 2020

පහුගිය දිනක අන්තර්ජාලයේ සැරිසරනකොට පියසිරි ගුණසිංහ මිතුරා soundcloud.com වෙබ් අඩවියට එකතු කර ඇති ගීත එකතුව හමුවුණේ අහම්බෙන්. නීලා වික්‍රමසිංහ ගායනා කරන ඝණ්ඨා කුළුණු හිසේ ගීතයත් ඒ අතර තිබුණා.

ඝණ්ඨා කුළුණු හිසේ ගීතය අහනකොට මට තේරුණා ඒ ගීතයේ සංගීත ශෛලිය සහ අන්තර් වාද්‍ය ඛණ්ඩ වල භාවිතා කර ඇති සංගීත භාණ්ඩ ටී එම් ජයරත්න ගායනා කරන වැව් ඉස්මත්තේ ගීතයට තරමක් සමාන බව. වැඩි දුරටත් මේ ගැන හොයා බැලූ විට දැනගත්තේ ගීත දෙකම ප්‍රබුද්ධ ගී වැඩ සටහන් තුලින් නිර්මාණය වුණ ගීත බව. ගීත දෙකෙහි සංගීතයේ ඇති සමානතාවන් ගැන බලන විට ඒවා එකම ප්‍රබුද්ධ ගී වැඩ සටහනක් තුලින් නිර්මාණය වුණ බව සෑහෙන විශ්වාසයකින් යුතුව කියන්න පුළුවන්. වැඩ සටහනේ ගීත වල සංගීත නිර්මාණය කර ඇත්තේ එච්. එම්. ජයවර්ධනයි.

============================================================

වැව් ඉස්මත්තේ - දාගැබ සැදිලා
දාගැබ ඉහළින් - රන් හිරු පිපිලා
කඳු පාමුල රන් - දහදිය වැහැලා
නෙතේ ඉමට නිල් - කෙත් බිම් නැගිලා

වැව් තලයේ නොනැසෙන රැළි මාලා
රිදීවනින් බැබළී මුමුණන්නේ
ශ්‍රමයට අධිපති ගොවි කම්කරුවන්
උදෙසා පබඳින යශෝ ගීතයයි

වැව් ඉස්මත්තේ...

නොරට බතින් නැගි පිළුණු දුගඳ මැඩ
සුවඳැල් සුවඳයි සුළඟ ගෙනෙන්නේ
පහන් සිතින් හද කැටපත් පවුරේ
උපන් සියක් කව් ගී ලියැවෙන්නේ

වැව් ඉස්මත්තේ...

ජයරත්න ගමගේ / එච්. එම්. ජයවර්ධන / ටී. එම්. ජයරත්න



ඝණ්ඨා කුළුණු හිසේ ගීතය