හිස කඳින්‌ වියෝ වුණත්‌ - දළ සැතින්‌ කපා

කිනිර | Dec. 27, 2020

1985 වසරේ යුරොපයේ සංචාරය කරමින් සුනිල් එදිරිසිංහ, මාලිනී බුලත්සිංහල, ලක්ෂ්මන් විජේසේකර සහ ටී එම් ජයරත්න ප්‍රසංග මාලාවක් පැවැත්වූවා. මේ ප්‍රසංග මාලාවේදී පටිගත කළ ගීත ඇතුලත් කැසට් පටය සින්ග්ලංකා සමාගම එළිදැක්වූ එවන් කැසට් පට පෙළක සිවු වැන්න සහ අවසානයයි.

ලංකාවේ සිටියදී ගත් කතුවරයෙකු සහ පුවත්පත් / සඟරා සංස්කාරකයෙකු වූ දයා ආනන්ද රණසිංහ ලන්ඩනයේ පැවැත්වූ ප්‍රසංගය වෙනුවෙන් අළුත් ගීතයක් රචනා කළා. රෝහණ වීරසිංහ එය සංගීතවත් කළා.

==========================================================

දිවි පුදා රකිව්‌ - අතැර දා නොයව්‌
අප හැදූ උතුම්‌ ලංකා මෑණියන්‌
[[ අප හැදූ අප වැඩූ‌ ලංකා මෑණියන්‌ ]]

දිවි පුදා රකිව්...

හිස කඳින්‌ වියෝ වුණත්‌ - දළ සැතින්‌ කපා
දිනු දෙසත්‌ වැදූ මවත්‌ - දුකට ලන්නෙපා
රට දැයත්‌ විනාශ වේ - ගිනි වැදී අපා
ඇසත්‌ කනත්‌ පියා නිකම් - වැතිර ඉන්නෙපා

දිවි පුදා රකිව්...

තේජවන්ත දූ පුතුන්‌ - සිටි අතීතයේ
සතුරු කැනහිලුන්‌ නොවීය - පේන මානයේ
රණ බිමේදී දිවි ගියත්‌ - නම නැසී නොයේ
නුඹ උදාර පුතෙකු වේ - ලංක දීපයේ

දිවි පුදා රකිව්...

දයා ආනන්ද රණසිංහ / රෝහණ වීරසිංහ / සුනිල් එදිරිසිංහ, මාලිනී බුලත්සිංහල, ලක්ෂ්මන් විජේසේකර