අද රෝහණත් එක්ක

කිනිර | Dec. 22, 2020

නන්දා මාලිනිය මීට වසර කිහිපයකට පෙර ඇය චිත්‍රපට වලට ගැයූ ගීත 60කට ආසන්න සංඛ්‍යාවක් නැවත පටිගත කර ඇයගේම පුද්ගලික ලේබලය වන ගිගිරි ලේබලය යටතේ එළි දැක්වූවා ය. මේ පටිගත කිරීම් වල සරා සොඳුරු ගීතය ඇය ගායනා කළේ ජයන්ත රත්නායක සමග යි.

වෙනත් ගායක ගායිකාවන් යුග ගීත නැවත පටිගත කිරීමේදී මුල් ගායකයා / ගායිකාව වෙනුවට වෙනත් ගායකයෙක් / ගායිකාවක් යොදා ගත් අවස්ථා බොහොමයකි. විවිධ හේතූන් නිසා එසේ කළ බව අප අසා ඇත්තෙමු. නමුත් නන්දා මාලිනිය එසේ කළ අවස්ථා විරල ය.

1981 දී ලන්ඩනයේදී පැවැත්වූ සංගීත ප්‍රසංගයේදී මුලින් අමරදේවයන් සහ නාරද දිසාසේකර සමග ගැයූ යුග ගීත දෙකක් ඇය ගායනා කළේ රෝහණ වීරසිංහ සමගිනි. ඒ අමරදේවයන් හෝ නාරද දිසාසේකර සමග ඇති අමනාපයකට නොව ඔවුන් එහි නොසිටි බැවිනි. රෝහණ වීරසිංග ප්‍රසංගයට සහභාගි වූ තුන් දෙනෙකු ගෙන් සමන්විත වාදක මණ්ඩලයේ සිටි හාර්මෝනියම් සහ සිතාර් වාදකයා විය. මේ එසේ ගායනා කළ රෑන ගිරා ජෝඩුවයි ගීතය යි.

===========================================================

ගැ/පි: රෑන ගිරා ජෝඩුවයි
හාද වෙලා ආදරෙයි
පි: රෑන ගිරා ජෝඩුවයි
ගැ: වනන්තරේ වෙනසක් නෑ
[[ පෙම් සිතුවිලි පෑදේ ]]
සිත ගිය තැන ආදර රජ
මාලිගාව සෑදේ
පි: රෑන ගිරා ජෝඩුවයි

ගැ: වන රේඛා මැද - සීතළ හෙවනේ
අත්වැල් බැඳ යන - ආදර ගමනේ
හුරතල් දැනිලයි - දුක් ගිනි නිවුනේ
සිනහ කුසුම් තොල් - පෙති අග පිපුනේ

රෑන ගිරා ජෝඩුවයි...

පි: මල් පෙති උඩ පෙම් - සෙවනැලි ඇඳිලා
දිය රැළි ඒ දැක - එබිකම් කරලා
කඳු මුදුනේ සිට - පහළට පැනලා
විහිළු කරයි මේ - ජෝඩුව දැකලා

රෑන ගිරා ජෝඩුවයි...
ගැ/පි: [[ ආ ආ ආ ආ ]]
ආ ආ

ධර්මසිරි ගමගේ / ප්‍රේමසිරි කේමදාස / නන්දා මාලිනී, රෝහණ වීරසිංහ
මුල් ගායනය: නන්දා මාලිනී, පණ්ඩිත් අමරදේව
රෑන ගිරව් චිත්‍රපටය