ගුවන් විදුලි ලලනා වැජැඹේ

කිනිර | Dec. 16, 2020

ගුවන් විදුලියට අදට වසර 95ක් සපිරේ.

ගුවන් විදුලියට වසර 25ක් පිරීම නිමිත්තෙන් සුනිල් සාන්තයන් ලෝ පුරා රැව් නගා ගීතය නිර්මාණය කළා. ඒ ගීතය ගැන සටහනක් මා 2019දී පළ කළා.

සුනිල් සාන්තයන් පසු කාලයක ගුවන් විදුලිය ගැන තවත් ගීතයක් නිර්මාණය කළා. ඒ "රිදී සීනු හඬවා" ගීතයයි.

ගුවන් විදුලිය ගැන නිර්මාණය වූ වෙනත් ගීත තියෙනවාද?

===============================================

රිදී සීනු හඬවා - මංගල ගීත ගයා
සුදෝ සුදින් කොඩි - ගුවනෙහි නංවා
ආසිරි පිරිත් කියා
ලංකා මව ජය - මඟුල් පතා අපි
සරසමු තිලක තියා

චන්දන තිලක තියා - නන්දන තිලක තියා
රිදී සීනු හඬවා - මංගල ගීත ගයා

විදිලි වළලු සාදා - ලොව මැ එකට ඈඳා
සැම දෙන සමගිය - දෑතට මැදි කොටැ
එකමුතු කම පාදා
ගුවන් විදුලි ලලනා වැජැඹේවා
බිඳැලා සැම බාදා

හතුරු අතුරු බාදා - සුළඟ සමග විහිදා
විදිලි වළලු ලාලා - සැරදේ තෙද පාලා

රිදී සීනු හඬවා

මර්සලීනු ජයකොඩි පියතුමා / සුනිල් සාන්ත / සුනිල් සාන්ත