සඳ තනියට

කිනිර | Dec. 14, 2020

මඩවල එස් රත්නායක:
ගෙපැලට හිමි හිනැහී ගොඩ වන්නේ
මට තනි නෑ සඳ නුඹ පලයන්නේ

ඩෝල්ටන් අල්විස්:
සඳ ගෙට පායන්නේ ඇයි
මා නැති වේලේ
ඔබ නැති වේලේ මා සඳ
කුමරිට බාරයි

===============

සඳ ගෙට පායන්නේ ඇයි
මා නැති වේලේ
ඔබ නැති වේලේ මා සඳ
කුමරිට බාරයි

සඳට මුවාවී ඔබ ගැන
කඳුළු සලන්නම්
ඒ කඳුළැලි සඳේ රුවට
තරු මල් වේවී

සඳවත සේ බබළන
ඔබගේ මුව මඬලේ
මගෙ කෝමල කවිය ලියමි
දිගු නෙත් සඟලේ

ඩෝල්ටන් අල්විස් / අතුල සෝමසිරි / ලාලනී සෝමසිරි, ලීලානන්ද රත්නායක