නෙතු නිල් උපුලා සිකි පිල් වරලා

කිනිර | Dec. 3, 2020

මහගම සේකරයන්ගේ තුංමං හන්දිය චිත්‍රපටයේ එන "යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තාවූ ඒ ලාලනී" ගීතය නුර්ති ශෛලියේ ගීතයක්. රජ කෙනෙක් යැයි අනුමාන කළ හැකි කෙනෙක් කඩුවක්ද අතින් ගෙන ගමන් කරන විලාසයෙන් තමයි මේ ගීය ගායනා කරන්නේ. විජේරත්න වරකාගොඩ මේ ගීය ගායනා කරනවා පමණක් නෙමෙයි රංගනයෙනුත් දායක වෙනවා. චිත්‍රපටයම වෙනුවෙන් අළුතින් නිර්මාණය වූ ගීයක් වුනත්, පැරණි නුර්තියක ගීතයක් කියා හිතෙන තරමටම, එය නුර්ති ගීත වල සියළු ලක්ෂණ වලින් සමන්විත කරන්නට ගීතය ලියූ සේකරයන්, සංගීතවත් කළ අමරදේවයන් වගේම හාර්මෝනියම් වාදක ශිල්පියාත් සමත් වී තියෙනවා.

මේ ගීතය මා උපුටා ගත්තේ තුංමං හන්දිය චිත්‍රපටයේ හඬ පටයෙනුයි. හඬ පටයේ ඇති පිටපතේ ගීතය අතරමැද නාට්‍යය බලන්නට මුදල් නැති අය එයට හූ කීමත් ඉන් පසු අබිලිං සිඤ්ඤෝ සහ ඔවුන් අතර ඇතිවෙන දෙබසත් ඇතුලත්. එම කොටස් වෙනුවට ඒවාට සමාන කොටස් ගීතයේ වෙනත් තැන් වලින් ගෙන ආදේශ කර සහ ගීතයේ ඇති තවත් සුළූ අඩුපාඩු සකසා ප්‍රතිස්ථාපනය කරන්නට තරමක වෙහසක් දරන්නට සිදු වුණා. මේ පිටපත් දෙකම පහතින් අමුණා ඇත.

=======================================================

[[ යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තාවූ ඒ ලාලනී ]]
[[ පායන සඳ ඇති මේ රාත්‍රී ]]
[[ නෙතු නිල් උපුලා සිකි පිල් වරලා ]]
රූප ශ්‍රියාවිය දක්නා සේ මා සිත් ගත්තාවූ ඒ ලාලනී

[[ ගමනින් නාලිය වත සඳ සදිසී
වදනින් මා හද පුබුදන දිගැසී ]]
[[ මේ ලොව නෑ වෙන අන්
ඈ සම වූ අඟනන් ]]
රූප ශ්‍රියාවිය දක්නා සේ මා සිත් ගත්තාවූ ඒ ලාලනී

[[ පායන සඳ ඇති මේ රාත්‍රී ]]
[[ නෙතු නිල් උපුලා සිකි පිල් වරලා ]]
රූප ශ්‍රියාවිය දක්නා සේ මා සිත් ගත්තාවූ ඒ ලාලනී

[[ ගමනින් නාලිය වත සඳ සදිසී
වදනින් මා හද පුබුදන දිගැසී ]]
මේ ලොව නෑ වෙන අන්
ඈ සම වූ අඟනන්
රූප ශ්‍රියාවිය දක්නා සේ මා සිත් ගත්තාවූ ඒ ලාලනී
[[ යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තාවූ ඒ ලාලනී ]]

හඬ පටයේ පිටපත (ප්‍රතිස්ථාපනයට පෙර)

ප්‍රතිස්ථාපනය කළ පසු