සටහන් පෙළ ගැන

මේ බ්ලොග් අඩවිය ඇරඹුණේ, වසර කිහිපයක් මුළුල්ලේ විවිධ සංවාද මණ්ඩප වලදී සිංහල ගීත සහ සංගීතය ගැන සහෘදයන් සමග කළ සාකච්ඡා, ගීත සහෘදයන් සමග බෙදා හදා ගන්නා විට ඒ ගී ගැන ලියූ සටහන්, සහ ඉහත සඳහන් කළ සංවාද මණ්ඩප වලට වෙනත් සහෘදයන් ලියූ සටහන් යනාදිය එක තැනකට එකතු කර තැබීමේ අරමුණෙනි. ඉහත කී සංවාද මණ්ඩප ඊ මේල් සහ වයිබර් තාක්ෂණයෙන් පවත්වා ගෙන ගිය ඒවා වන අතර කිසියම් සටහනක් නැවත සෙවීම තරමක් අපහසු වූ නිසා මෙසේ එකතු කර තබන්නට සිතුණි.

මෙහි ඇති සටහන් බහුතරය කිසියම් ගීතයක් හෝ ගීත කිහිපයක් පිළිබඳව ලියූ ඒවා වන අතර, එම ගීතය හෝ ගීත අසන්නටද සළසා ඇත. ඒ ගීත වලින් බොහොමයක් මා විසින් කැසට් පට සහ තැටි වැනි මාධ්‍ය වලින් සංඛ්‍යාංකනය (digitize) කළ සහ ප්‍රතිස්ථාපනය (restore) කළ ගීත ය.

2021 වසරේ ජනවාරි මාසයෙන් පසු එකතු කර ඇති සටහන් බහුතරය මෙම බ්ලොග් අඩවිය වෙනුවෙන්ම ලියන ලද සටහන් ය.